ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රටම එළියයි - අඳුර දුරලයි ̕ ජාතික විදුලි සත්කාරය ජාතික වැඩසටහන

    ජනවාරි 29, 2016
    රට තුළ මේ වන විටත් විදුලිය නොමැති පවුල් ලක්ෂ 03 ක් පමණ සිටින අතර එම නිවාස සඳහා මෙවර සිංහල අළුත් අවුරුද්දට පෙර විදුලිය ලබාදෙන බවත් අදාල නිවසේ පදිංචිව සිටීම හැර වෙනත් කිසිදු සුදුසුකමක් මෙහිදී නොසළකන බවත් වදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
    ̔රටම එළියයි - අඳුර දුරලයි ̕ ජාතික විදුලි සත්කාරය නම් වූ ජාතික වැඩසටහන  පිළිබඳව බදුල්ල දිස්ත්‍රික්කයේ අදාල නිලධාරීන් දැනුවත් කිරීම උදෙසා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. 
     
    බදුල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට විදුලිය නොමැති නිවාස 7,640 ක් ඇති අතර එම පවුල් ඇතුළුව රටේ සියළු දෙනාට කෙසේ හෝ විදුලිය ලබාදීම සිය ප්‍රතිපත්තිය බැවින් අදාළ නිවසේ පදිංචිව සිටීම පමණක් මෙහිදී සැලකිල්ලට ගන්නා බවත් ඉඩමේ අයිතිය, නිවසේ තත්වය, ඉල්ලුම්කරුගේ ආදායම, අනවසර පදිංචිවීම් ආදී කිසිවක් නොසළකන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම වැඩසටහන යටතේ විදුලිය ලබාගැනීමේදී අදාළ ප්‍රතිලාභීන් මූලිකව කිසිදු මුදලක් වැයකළ යුතු නොවන අතර නිවාස විදුලි තත් ඇදීම (House Wiring) සහ විදුලි සම්බන්ධතාවය ලබාදීම අදාළ වැඩසටහන මඟින් සිදුකෙරෙන බවත් එම වියදම් විදුලි බිල සමඟ වසර 06 ක් තුළ වාරික 72 කින් ගෙවා නිම කිරීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව සළසන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙවර සිංහල අළුත් අවුරුද්දට රටේ සියළු නිවාසවල විදුලි පහන් දැල්වෙනු ඇතැයිද පැවසීය.
     
    ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර මහතා ඇතුළු මහජන නියෝජිතයින්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් 
    අබේසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අදාළ වෙනත් අංශවල නිලධාරීන් රාශියක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     AP/DMU-Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya