ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට මහනුවර ජන අදහස් විමසයි.

    පෙබරවාරි 03, 2016
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් ලබා ගැනීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
    සභාපති ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වන මෙම කමිටුව වෙත පුද්ගලයන් සහ විවිධ සිවිල් සංවිධාන 73 ක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබේ. 
     
    මෙම කමිටුව වෙත ලැබෙන මහජන අදහස් සහ යෝජනා ඇසුරින් විශේෂ වාර්තාවක් සකස් කොට නව ව්‍යාවස්ථාවක් සකස් කිරිම සදහා එය පාර්ලිමේන්තුව වෙත ලබා දීමට නියමිතය.
     
    මහාචාර්ය එම්.අයි. ඒ. කාදර්, ආචාර්ය කුමුදු කසුන් කුමාර, ආචාර්ය එස්.වී විජේසන්දිරන් සහ එස් නවරාජා යන මහත්වරු මහනුවර ජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන ලදී. 
     
    AP/DMU- Kandy
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya