ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහනුවරට නව රථ වාහන සැලැස්මක්

    පෙබරවාරි 19, 2016
    මහනුවර නගරයේ ජනතාව කාලාන්තරයක් තිස්සේ මුහුණදුන් රථ වාහන තදබදයට යම් ප්‍රමාණයකින් හෝ විසදුම් ලබා දීමට හැකියාව ලැබී ඇති බව  ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
    ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය.
     
    මේ පිළිබඳව මහනුවර පොලිසීයට එහි ප්‍රශංසාව හිමිවිය යුතු බවද  අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.මහනුවර නගරය තුළ දෛනිකව දක්නට ලැබෙන රථවාහන තදබදය නිසා කාලාන්තරයක සිටම ජනතාව පීඩාවට පත්ව සිටියි. මහනුවර දුම්රිය පොළ ඉදිරිපිට, පොදු වෙළදපොළ, ඔරලෝසු කණුව සහ බෝගම්බර වැනි ස්ථාන ඒ අතරින් වැඩිම තදබදයක් පවතින ප්‍රදේශයි. ඇතැම් අවස්ථාවල මහනුවර නගරයේ ගුඩ්ෂෙඩ්  බස් නැවතුමෙන් ආරම්භ කරන බස්රථ බස් නැවතුමෙන් පිටවීම සදහා පැය භාගයක් ගත වන අවස්ථාද තිබුනි.
     
    ඊට විකල්පයක් ලෙස පසුගිය 06 වැනි දා සිට මහනුවර පොලීසියේ මූලිකත්වයෙන් නගර සභාවේද සහාය ඇතිව නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව දුම්රිය පොළ ඉදිරි පස මාර්ගය එක් පැත්තකට පමණක් වාහන ධාවනය කළ හැකි පරිදි යොදවා බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපස මාර්ගයද එක් පසකට පමණක් වාහන ගමන් කළ හැකි පරිදි සංශෝධනය කරන ලදී. මීට අමතරව තවත් සුළු සංශෝධන කිහිපයක්ද ඊට සමගාමිව ක්‍රියාත්මක කොට ඇත. මෙම නව රථ වාහන සැලැස්ම නිසා මේ වන විට මහනුවර නගරයේ රථවාහන තදබදය සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති අතර, ඒ තුළින් ජනතාවට විශාල අස්වැසිල්ලක් අත්ව තිබෙන බව ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පෙන්වා දෙන ලදී.
     
    මෙහිදී  කරුණු දැක්වූ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ඉදිරි කාලයේදී මහනුවර බොහෝ මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු සළසා ඇති බැවින් රථ වාහන තදබදයට එයින් ස්ථිරසාර විසදුමක් ලබා ගත හැකි බවයි. අධිකරණයේ නියෝගයක් පවතින්නේ යැයි මිත්‍යා මතයක පිහිටා රථවාහන සැලසුම් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් මෙතෙක් ක්‍රියාත්මක නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා තමන් අධිකරණ නියෝගය පිළිබද සොයා බැලුවත් අධිකරණයෙන් එවැනි නියෝගයක් ලබා දී නොමැති බව එහිදී තමන්ට පෙනී ගිය බවත් පෙන්වා දෙන ලදී. අධිකරණයෙන් නියෝගයෙන් පවසා ඇත්තේ රථවාහන සැලැසුම් සකස් කිරීම නගර සභාව සතුය යනුවෙන්  බව පැවසූ කිරිඇල්ල අමාත්‍යවරයා පොලීසියට ඔවුන් සමග එක්වී එම කටයුත්ත බාධාවකින් තොරව සිදු කළ හැකි බවද පෙන්වා දෙන ලදී.
     
    මේ පිළිබද අදහස් දැක්වු මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ජි.බී. පෙරමුණේ මහතා පෙන්වා දුන්නේ රථ වාහන තදබද පවතින කටුගස්තොට, කුණ්ඩසා‍ල, සහ ගැටඹේ වැනි ප්‍රදේශ වලද ඉදිරියේදී විශේෂ රථ වාහන සැලස්මක් හදුන්වා දෙන බවයි. ඒ සදහා විදුලි බල මණ්ඩලයේ සහ ටෙලිකොම් ආයතනය ඇතුළු තවත් ආයතන රැසක් ඉදිරියේදී සම්බන්ධකර ගන්නා බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya