ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ දිස්ත්‍රික්කයේ ළමා අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමක්

    පෙබරවාරි 20, 2016
    පසුගිය වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ළමා අපයෝජන 998 ක්  සිදුවී ඇති බව  කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීමේ දී අනාවරණය  විය.
    පසුගිය දා කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම කමිටුව රැස්වු අතර මෙහිදී කොළඹ දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරී ඉන්දික මහතා මේ බව අනාවරණය කළේය.වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ නව යොවුන් දැරියන් ගැබී ගැනීම,සුරැකුම් පව්ර නම් ළමා වැඩසටහන අකර්මණ්‍ය වීම මෙම තත්වයට හේතු වූ බවයි.
     
    හංවැල්ල, සීතාවක, කඩුවෙල, පාදුක්ක යන ප්‍රදේශ වලින් නව යොවුන් දැරියන් ගැබ් ගැනීම් 10 ක් වාර්තා වී ඇති බවත් මෙයට හේතු වී ඇත්තේ පරම්පරාගත අවදානම් හැසිරීම්, මව විදේශ ගත වූ පවුල්,පාසල් හැර ගිය සාමාන්‍ය පෙළ අසමත් දරුවන්, ප්‍රේම සම්බන්ධතා කඩ වීම්, දිළිදු බව, නවක පවුල් තුළ මත් ද්‍රව්‍ය භාවිතය වර්ධනය වීම, රජයේ සුභ සාධක හා සමාජ සේවා වැඩසටහන් ගිලිහී යාම හා මේ පවුල් පිළිබද ක්‍රමවත් අධීක්ෂණයක් නොමැති වීමය.
     
    එසේම කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ආශ්‍රිතව පිහිටුවා ඇති සුරැකුම් පවුර වැඩසටහන සදහා විදුහල්පතිවරුන්ගේ සහය අඩු වීම උපදේෂක ගුරුවරුන් මේ සදහා සක්‍රීය දායකත්වයක් නොදීම වැනි නිලධාරින්ගේ සහයෝගය අඩු වීම මෙම තත්ත්වයට හේතු වී ඇත.පාසල් ළමා සුරැකුම් කමිටු 125 ක් කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටුවා ඇත.නමුත් සක්‍රීය කමිටු ඇත්තේ 32 ක් පමණි.
     
    මෙම අවස්ථාවට පොළිස් ළමා හා කාන්තා  කාර්යංශය,ළමා අක්ෂණ අධීකාරිය,රිජ්වේ ආර්යා ළමා රෝහලේ මානසික වෛද්‍යවරුන්,පරිවාස දෙපාර්තමේන්තු නිලධාරින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya