ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අම්පාර සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

    පෙබරවාරි 29, 2016

    අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අතින් ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරිණි.

    ඒ අනුව ග්‍රාමීය මාර්ග පුණර්ජීවන වැඩසටහන යටතේ ඉදිකරනු ලැබූ නාමල්ගම 404 ඒ.ඩී.1 බැඳුම් ඇළ මාර්ගය ජනතා අයිතියට පත් කළ අතර මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් ලක්ෂ හයක් පමණ වේ.

    එහිදී රජයේ වැඩපිළිවල සම්බන්ධයෙන් ප්‍රසාදය පල කළ ප්‍රදේශයේ ජනතාව, තම අස්වනු සඳහා සහතික මිලක් ලබා දීම- මාර්ග ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කිරීම වැනි රජයේ මැදිහත්වීම් සම්බන්ධයෙන් සිය කෘතඥතාව පල කර සිටියහ.

    මේ අතර රුපියල් ලක්ෂ හයක පමණ වියදමින් නවීකරණය කරනු ලැබූ මානවාගම මාර්ගය ද  ජනතා අයිතියට පත් කරනු ලැබීය.

    එසේම දියවද්දාගම ප්‍රදේශයේ ක්‍රියාත්මක ගර්කින් වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමට ද අමාත්‍ය දයා ගමගේ මහතා මෙහිදී සහභාගී විය. ඉහළ ආදායමක් ලබා ගත හැකි වගාවක් වන ගර්කින් වගාව අම්පාර දිස්ත්‍රික්කය තුළ ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් මේ වන විටත් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya