ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අම්පාරේ වෛද්‍ය සායනයෙන් දෙදහසකට ප්‍රතිකාර

    පෙබරවාරි 29, 2016

    දයා සරණ සංවර්ධන පදනම මගින් සංවිධාන කරනු ලැබූ දැවැන්ත වෛද්‍ය සායනයක්, අම්පාර දයා ඇපරල් ශ්‍රවණාගාරයේ දී ඊයේ (28) පැවැත්විණි.

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය  දයා ගමගේ මහතාගේ සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණි දෙදහසකට අධික පිරිසක් සහභාගී වූහ.

    මෙම වෛද්‍ය සායනයට අක්ෂි සායනයක්, දන්ත සායනයක්, ස්වනාරී සායනයක් ද ඇතුළත් වූ අතර ඊට සමගාමීව සෞඛ්‍ය පුහුණු වැඩමුළුවක් ද සංවිධාන කර තිබිණි.

    බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම දෙකම උපයෝගී කර ගනිමින් මෙහිදී ප්‍රතිකාර කිරීම සිදු කෙරිනි.

    මේ සඳහා සිංහ සමාජය, අම්පාර දිසා රෝහල, අම්පාර නගර සභාව, ප්‍රාදේශිය සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව ඇතුළු ආයතන කිහිපයක සහාය හා අනුග්‍රහය ද ලබා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya