ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලට අංග සම්පූර්ණ ක්‍රීඩාංගනයක්

    මාර්තු 01, 2016

    එක් දිස්ත‍්‍රික්කයකට එක් සුවිශේෂි ක‍්‍රීඩාපිටියක් බැගින් ලබාදෙන වැඩසටහන යටතේ, කෑගල්ලට සුවිශේෂී ක‍්‍රීඩාංගනයක්, ක‍්‍රීඩාගාරයක් සහ පිහිනුම් තටාකයක් ඉදිවෙමින් පවතින බවත් ඒ සඳහා යන මුළු වියදම කෝටි 25 කට අධික වන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ඉදිවෙමින් පවතින නාගරික ක‍්‍රීඩාපිටියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එම ක‍්‍රීඩාංගනය මලල ක‍්‍රිඩාවට මෙන්ම ක‍්‍රිකට් සහ අනෙත් ක‍්‍රීඩාවලත් යෙදිය හැකි තතත්වයට ඉතා ඉහළ මට්ටමෙන් අංගසම්පූර්ණ ක‍්‍රීඩාංගනයක් කිරීමට අවශ්‍ය වූ බවත්  ඒ අනුව මලල ක‍්‍රීඩාවන්ට පමණක් නොවෙයි, සියලු ක‍්‍රීඩාවලට භාවිතා කළ හැකි පරිදි මේ ක‍්‍රීඩාංගනය සංවර්ධනය කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya