ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    “මතින් තොර රටක්” වෙනුවෙන් වැඩ සටහන් 400 ක්

    මාර්තු 02, 2016
    “මතින් තොර  රටක්” යන සංකල්පය මුල් කොට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  සම්බන්ධීකරණයෙන්  2016 වසරේ දී කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් 400 ක් ක්‍රියාත්මක කිරීමටද දැනට මත් ද්‍රව්‍ය භාවිත කරන්නන් පිළිබද සොයා බැලීම සදහා සමීක්ෂණයක් කිරීමටද අදහස් කරන බව කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා පැවසීය.
    ඒ මහතා එසේ ප්‍රකාශ කලේ කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ මාර්ගෝපදේශකත්වය යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා පැවති ක්ෂේත්‍ර නිලධාරින් පුහුණු කිරීමේ වැඩසටහනේ දී ය. 
     
    ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඇතුලු දිවයිනේ තිබෙන සියලුම අමාත්‍යංශ දෙපාර්තමේන්තු මෙම මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී විශේෂ අනුග්‍රහය හා අවධානය යොමු කර ඇති බවයි.
     
    එහෙම නැතුව මෙම තත්ත්වයෙන් අත් මිදෙන්නට අපහසුයි.දැනට මෙම වැඩසටහන කොටස් පහලොවක් යටතේ ක්‍රියාත්මක කිරීම සිදු වෙනවා.ඉන් පුහුණු කිරීම ප්‍රධාන  වෙනවා.ඒ නිසා දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 250 ක් පුහුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.මත් ද්‍රව්‍ය උවදුරින් නාගරික හා ග්‍රාමීය ප්‍රජාව මුදවා ගැනීම සදහා මෙම ක්ෂේත්‍ර නිලධාරින් සෘජුවම තම ප්‍රජාව දැනුවත් කිරීම සදහා  යොමු කරනවා. මේ අය මෙම පණිවිඩය ගමට ගෙන යා යුතුයි. ඒ සදහා පොලිස් දෙපාර්තමේන්තුව අනුග්‍රහය ලබා දෙනවා.
     
    අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සේවයෙහි  නියැලී සිටින විදුහල්පතිවරු, ගුරුවරු හා ශිෂ්‍ය නායකයින්  පුහුණු කර ඔවුන්ට දැනුම ලබා දී ළමුන්ව මත් ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමට යොදා ගන්නවා.ඒ වගේම ආගමික මධ්‍යස්ථාන ආශ්‍රිතව ද පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ආගමික සංවිධාන හරහා ද මෙම කටයුතු වේගවත් කිරීමට කටයුතු කිරීමට අදහස් කරනවා.මේ 
    සදහා අලුත් උපක්‍රම භාවිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
    සවස් වරුවේ නිකරුනේ කාලය ගත කරන තරුණයන් නිරායාසයෙන් මත් ද්‍රව්‍ය භාවිතයට පෙළබෙනවා. එම කාළය තුළින් උපරිම ප්‍ර යෝජන නෙලා ගැනීම සදහා  උපක්‍රම හදුන්වා දිය හැකියි.එමෙන් ම පුනරුත්ථාපනය කිරීමට මනෝ විද්‍යා උපදේශණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරනවා.සැලසුම් කර ඇති පරිදි වෘත්තිය පුහුණු ආයතන හරහා මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්  50 ක් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා.දැනට මත් ද්‍රව්‍ය වලින් ආදායම් උපයන අයට ඒ වෙනුවට විකල්ප ආදායම් මාර්ග සපයා දීමට කටයුතු කළ යුතුයි.එමෙන්ම විශ්වවිද්‍යාල වල සහය ලබා ගැනීමට, මාස හයකට වරක් මත් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ තොරතුරු ඇතුලත් සගරාවක් එළි දැක්වීමද අපේ ඉලක්කය වෙනවා.. ” යැයි ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya