ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    උතුරු පළාතේ අඩු ආදායම් ලාභීන්ට ආධාර

    මාර්තු 02, 2016
    ශ්‍රවණ හා දෘෂ්‍ය ආබාධ ඇති අඩු අදායම්ලාභී පවුල් සදහා හදවත් සැත්කම් කිරීමටත්, වකුගඩු රෝග සෑදී ඇති අඩු ආදායම් ලාභී පවුල් සදහාත්  මුදල් වවුචර ප්‍රදානය කිරීමත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පසුගියදා  උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණි.
    දෛනික ජිවිතයේ පිළිසරණක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් 75 ක් අතර ඒ ඒ රෝග සදහා යන වියදම් පියවාගැනීමට මුදල් වවුචර ලබාදුන් අතර එහි මුළු වටිනාකම රුපියල් 160,594 කි. 
     
    රුපියල් 50,000 ක උපරිමයක් සමග මෙම අඩු ආදායම්ලාභී පවුල් සදහා මුදල් ප්‍රතිපාදන බෙදා දීමට මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුයේ උතුරු පළාත් ආණ්ඩුකාර අරමුදලයි. 
     
    මෙම අවස්ථාව සදහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.විග්නේශ්වරම්, පළාත් ආණ්ඩුකාර ලේකම් එල්.ඉලංගෝවන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන නායකයින් රැසක් සහභාගි වී සිටියහ.
     
    AP/DMU- Jaffna
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya