ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    "රටම එළියයි - අඳුර දුරලයි" ජාතික විදුලි සත්කාර වැඩසටහන මහනුවරටත්

    මාර්තු 03, 2016
    "රටම එළියයි - අදුර දුරලයි"  ජාතික විදුලි සත්කාරක වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2016.03.04 වැනි දින පෙ.ව. 10.00 ට විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
    මෙතෙක් විදුලිය ලබා ගැනීමට නොහැකිව ඇති ජනතාව වෙත විදුලිය සැපයීමේ අරමුණින් වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරන "රටම එළියයි - අදුර දුරලයි"  ජාතික විදුලි සත්කාරක වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මෙතෙක් විදුලිය ලබා ගැනීමට නොහැකිව සිටින සියළුම ජනයාට විදුලිය ලබා දීම සදහා විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබේ. 
     
    මෙම වැඩසටහන යටතේ විදුලිය නොමැති පවුලක් සදහා රුපියල් 40,000 ක ණය මුදලක් ලබා දෙන අතර, එම මුදල යොදවා තම නිවසේ විදුලි සම්බන්ධතාවය ලබා ගත හැකිය. එම මුදල වාරික ලෙස විදුලි බිලෙන් අඩු කරගත හැකි පරිදි සහනදායි ක්‍රමයක් අනුගමනය කිරීමටද මේ මගින් කටයුතු යොදා ඇති අතර, ඒ තුලින් අඩු ආදායම්ලාභින්ට සහනයක් ලබා දීමටද නියමිතය.
     
    මෙම වැඩසටහන මේ වන විට කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කොට ඇති අතර, එම දිස්ත්‍රික්කවල ඉලක්ක සපුරා ගැනීමටද හැකියාව ලැබී ඇත. 
     
    AP/DMU- Kandy
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya