ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මා‍තලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පිළිබද සොයා බලනවා- කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ

    මාර්තු 03, 2016
    විසුරුවා හැර ඇති මා‍තලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල කටයුතු මාස දෙකකට වරක් සොයා බැලිමට තිරණය කළ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසිය.
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්වුණු මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ප්‍රධානින්ගේ වි‍ශේෂ සාකච්ඡාවකදිය.
     
    පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද ප්‍රජා ජල ව්‍යාපෘති කුඩා විදුලි බලාගාර, පරිසර ගැටලු, සුළු ව්‍යාපාර නාම ලියාපදිංචිය,ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය, මාර්ග සංවර්ධනය, පුර නැගුම වැඩසටහන් යනාදි කරුණු  මෙහිදි සාකච්ඡාවට ගැනුන අතර ඒ සදහා ගැටලු ඇති වි තිබු කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් ඒ මොහොතේම අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. 
     
    2016 වසර තුළ සිදු කළ යුතු සංවර්ධන කාර්යන් පිළිබදව වැඩි අවධානයක් යොමු කිරිම වැදගත් බවත් පළාත් පාලන මැතිවරණය පවත්වන තෙක් පළාත් පාලන ආයතනවල කටයුතු සොයා බලන බවත් තම බල ප්‍රදේශය තුළ සිදු කරන අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබදව විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
     
    දැනට විශාල වශයෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ සිදු කරන ප්‍රජා ජල ව්‍යාපෘති පිළිබදව විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස මාතලේ මහ දිසාපතිවරයාට ඇමති වසන්ත අලුවිහාරේ මහතා උපදෙස් දුන් අතර ඒ පිළිබදව වැඩි අවධානය යොමු කරමින් ප්‍රජා ජල ව්‍යාපෘති සිදු කරන ස්වේච්ඡා සංවිධාන පිරිස් කැදවා ඔවුන් දැනුවත් කරන ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
     
    මෙම අවස්ථාවට මාතලේ ද්ස්ත්‍රික් ලේකම් නිල් ද අල්විස් මහතා ප්‍රමුඛ ප්‍රාදේශිය ලේකම්වරුන්.ප්‍රාදේශිය සභා ලේකම්වරුන් ඇතුලු නිලධාරින් විශාල පිරිසක් එක්වි සිටියහ.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya