ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

    මාර්තු 03, 2016
    මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.
    මෙහි දී දිස්ත්‍රික් සංවර්ධන කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත්කර ඇති ගැටළු සහ යෝජනා, මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා 2016 සංවර්ධන සැලැස්ම, දැයට කිරුළ සංවර්ධන වැඩසටහන , විමධ්‍යගත වැඩසටහන 2016, , දිවිනැගුම ජාතික වැඩසටහන, මාතර - කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, පාලම් ව්‍යාපෘතිය, නගර සංවර්ධනය, වෙරළ උද්‍යානය සංවර්ධනය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ගැණිනි.
     
    එමෙන්ම කෘෂිකර්ම / ඉඩම් / වාරිමාර්ග / සත්ත්ව පාලන කටයුතු, ප්‍රවාහන හා මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, පුර නැගුම ව්‍යාපෘතිය, නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ, ජාතික තරුණ සේවා සභාවේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ ක්‍රියාත්මක තත්ත්වයන් ආදිය පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන ලදි.
     
    මේ අවස්ථාව සඳහා දකුණු පළාත් මැති ඇමතිවරුන්, පළාත්පාලන නියෝජිතයන් ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ඇතුළු මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැලසුම් අංශය රැස්වීම සංවිධානය කරන ලදි.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya