ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කාබනික පොහොර ප්‍රචලිත කිරීම අසීරු වුවත් ජය ගත යුතුයි - මධ්‍යම පළාත් සභාව

    මාර්තු 09, 2016

    කාබනික පොහොර භාවිතයට පුරුදුව සිටි මෙරට ගොවියා රසායනික පොහොර වලට හුරු කරවීම ඉතා සැළසුම් සහගතව සහ සූක්ෂම අයුරින් සිදු කළ බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඩබ්.එම් යසමාන මහතා පවසයි.

    බහුජාතික සමාගම් විසින් එම වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ බිත්තර වී පැකට්ටුවක් සමඟ පොහොර පැකට්ටුවක්ද නොමිලේ ගොවි ජනතාව වෙත ලබා දෙමින් බව ද ඔහු පෙන්වා දුන්නේය.

    යසමාන්ත මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගේ ප්‍රතිපත්ති ප්‍රකාශනනය සඳහා ඉදිරිපත් වූ ස්තූති යෝජනාවට එක් වෙමිනි.

    එතෙක් කාබනික පොහොර සඳහා හුරු වී සිටි ගොවියාට එලෙස බිත්තර වී ලබා දී තම කුඹුරේ ලියැදි කිහිපයක රසායනික පොහොර භාවිතා කොට ආදර්ශ වී වගාවක් කරන ලෙස අත්හදා බලන මෙන් ඔවුන් පොළඹවා ගත් බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා එහි විපාක අද අප අත්විදින බව ද සඳහන් කළේය.

    ඒ අනුව ඉතා ඉක්මනින් මෙරට ගොවි ජනතාව යළි කාබනික පොහොර සඳහා පොළඹවා ගත යුතු බවත් එසේ නොවුනොත් සියලුම ගොවිජනයා රෝගීන් බවට පත්විම වැලැක්විය‍ නොහැකි බවත් පැවසීය.  මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට යෑමේදී විවිධ ප්‍රායෝගික ගැටලු ඇති විය හැකි වුවත්, එම අභියෝගය කෙසෙ‍් හෝ ජයගත යුතු බවත්  ඔහු පැවසීය. ජනාධිපතිතුමන් ඇතුළු වත්මන් රජය කාබනික පොහොර ප්‍රචලිත කිරීම සදහා ගෙන යන වැඩපිළිවෙළ ඉතා  වැදගත් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ‍ජනතාව ක්ෂණිකව ඒ සඳහා හුරුකරවීම අසීරු වුවත් ක්‍රමානුකූලව එම අභියෝගය ජයගතයුතු බවත් පැවසීය.

    විදේශ රටවලින් එළවළු සහ පළතුරු බීජ ගෙන්වීම සම්බන්ධයෙන්ද නැවත සළකා බැලිය යුතු බව පැවසූ යසමාන්න මහතා, ජාන විකෘති කළ එවැනි බීජ තුළින්ද විවිධ ගැටලු ඇතිවන බව පෙන්වා දුන්නේය. විදේශ රටවලින් ගෙන්වන ඇතැම් බීජ වලට වඩා මෙරට නිපදවන බොහෝ බීජ උසස් ප්‍රමිතියෙන් යුක්ත වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒවා මෙරට කාලගුණික සහ දේශගුණික තත්වයන්ට මෙන්ම පසටද උචිත පරිදි නිෂ්පාදනය කරන බව පැවසිය. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සහ වසවිස නැති ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මේ ගැනත් සිතා බැලිය යුතු බව ඔහු පැවසීය.  මධ්‍යම පළාතේ 2016 වසරට අදාල ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් මේ ගැන අවධානය යොමු කර තිබීම වැදගත් බවද යසමාන්න මහතා වැදුරටත් පෙන්වා දුන්නේය.

    2016 වසර වෙනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද ස්තූති යෝජනාව පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් කරුණු ඉදිරිපත් කළ අතර, පළාත් සභාවේ වැඩ බලන සභාපති එස්.බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්විය.

     

    DMU_Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya