ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික් කමිටු තුනක් රැස් වෙයි

    මාර්තු 09, 2016

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට (2016 – 2018) අදාළ වන මාතර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව, මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම සහ මාතර දිස්ත්‍රික පරිසර කමිටුව පසුගිය දා රැස් වූ බව මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සහ මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් බන්ධුල රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම් ඊයේ (08 ) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට අදාළව දැනට ක්‍රියාත්මක කරමින් පවතින යෝජනා පිළිබඳ ප්‍රගතිය හා ඉදිරි කටයුතු පිළිබඳව විමසා බැලිණි.
    කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටලු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක් විය.

    මාතර දිස්ත්‍රික්කයේ පාරිසරික වශයෙන් පවතින ගැටලු හා පරිසරය සම්බන්ධව ඉදිරියේ දී ගනු ලබන සංවර්ධනාත්මක ප්‍රවේශයන් පිළිබඳව ද අවධානය යොමු විය.

    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අදාළ කමිටුවල සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එම රැස්වීම් සංවිධානය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya