ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපන වැඩ සටහනින් මාර්ග 750 ක් සංවර්ධනය කෙරේ

    මාර්තු 09, 2016
    වර්තමාන ආණ්ඩුව යටතේ සංවර්ධන කටයුතු රට පුරා ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කලේ පසුගියදා (5) රජයේ ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය ජාතික වැඩ සටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩ සටහන මාවනැල්ල ,උතුවන්කන්ද  ප්‍රදේශයේ ආරම්භ කරමිනි.
    එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙම වැඩ සටහන යටතේ  ශ්‍රී ලංකාවේ පාරවල් 750 ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පාරවල් 60 ක් ඒ යටතේ සංවර්ධනය වෙනවා.කොළඹ මහනුවර අධිවේගි මාර්ගය මහනුවර දෙසින් ඉදිකිරීම මැයි මාසයේ ආරම්භ කෙරෙයි.රුවන්පුර අධිවේගී මාර්ගය,උතුරු අධිවේගි මාර්ගය ඉදිරියේ දී ආරම්භ කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්,රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් විදේශ ආයෝජනයන්ට මෙරට ආයෝජනයන් සිදු කරන්න පසුගියදා ආරධනා කලා.
     
    ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා අද ජාතික ආණ්ඩුවක් හදලා තියෙනවා.නිදහසෙන් පසුව අපිට විසදා ගැනීමට නොහැකි ප්‍රශ්ණ විසදා ගැනීමට ජාතික ආණ්ඩුව හැදුවේ.1950 දශකයේ පමණ එවකට සිංගප්පූරුවේ අගමැති ව සිටි ලීක්වාන් යූ මහතා එරට ජනතාවට කිව්වා ශ්‍රී ලංකාව වගේ සිංගප්පූරුවත් දියණු කරනවා කියලා.නමුත් අද සිංගප්පූරුව කොහෙද අපේ රට කොතන ද ඉන්නේ.අද සිංගප්පූරුව ඇමරිකාවට පමණයි ආර්ථික අතින් දෙවෙනි වෙන්නේ.එරට බහුවාර්ගික රටක් වුවත් ජනතාව කළමණාකරණය කරගෙන ගැටුම් ඇති නොවීමට වගබලා ගන්නවා යයි ද පැවසීය.
     
    මෙම අවස්ථාවට එක් වූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අදහස් දක්වමින්, අපි දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයට මිලියන 781 ක් වැය කරලා තියෙනවා.අයි රෝඩ් වැඩ සටහන යටතේ මිලියන 6,000 ක් වෙන් කරනවා මාර්ග සදහා දිස්ත්‍රික්කයේ.මහා මාර්ග අමාත්‍යාංශය යටතේ තවත් මිලියන 4,821 ක්වෙන් කරලා තියෙනවා. ඉදිරියේ කෑගල්ල, බුලත්කොහුපිටිය මාර්ගය එන මාසයේ පටන් ගන්නවා.මාවනැල්ල,රඹුක්කන මාර්ගය,හෙට්ටිමුල්ල,ගැවිලිපිටිය මාර්ගය,අරණායක මාවනැල්ල මාර්ගයත් ඉදිරියේ දී කාපට් කිරීමට පියවර ගන්නවා.මන්ත්‍රීවරුන්ට ලක්ෂ 660 බැගින් ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ඉදිරියේ දී ලබා දෙනවා යයිද පැවසීය.
     
    ඉදිරියේ දී අඩු ආදායම් ලාබීන් සදහා සිමෙන්ති ලබාදීමේත්,රජයේ ඉඩම්වල පදිංචි ඔප්පු නැති අයට ඔප්පු ලබා දීමටත්,ස්වංරැකියා ලාභීන් සදහා ණය ආධාර ලබා දීමටත්,ලක්ෂ 10 රැකියා ලබාදීමේ ජාතික වැඩ සටහන යටතේ කෑගල්ල ප්‍රදේශයේ අයටත් එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා යයි ද තවදුරටත් පැවසීය.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya