ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නව ආදර්ශ කෘෂි බෝග හා ඔසු උයනක් පිහිටවීම අම්පාරේ දී ඇරඹේ

    මාර්තු 13, 2016

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නව ආදර්ශ කෘෂි බෝග හා ඔසු උයනක් පිහිටවීම අම්පාරේ දී ආරම්භ විය.

    අම්පාර පොදු විනෝද උද්‍යාන භූමියේ තෝරාගත් කොටසක මෙම උයන ඉදි කිරීම ආරම්භ කෙරිණි.

     

    එහි පළමු අපනයන කෘෂිබෝග රෝපණය සිදු කෙරුණේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ හා ඛනිජතෙල් සම්පත් සංවර්ධන  නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේගේ සහභාගීත්වයෙනි.

     

    මෙම උයන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා තාක්ෂණික සහාය ඇතිව ඉදි කරන අතර දැනට අපනයන කෘෂිබෝග ලෙස හඳුනාගෙන ඇති  බෝග වගා කිරීමට යෝජිත අතර  අධ්‍යයන හා සංචාරක කාර්යයන් වෙනුවෙන් යොදා ගත හැකි පරිදි ඉදි කිරීමට අපේක්ෂා කරයි.

     

    දැනට දේශියව මෙන්ම ජාත්‍යන්තරව ද ඉහළ ඉල්ලූමක් ඇති ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කුළුබඩු හා දේශීය ඔසු සම්බන්ධයෙන් ජනතාවගේ උනන්දුව වැඩි කිරීම හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙය සංවර්ධනය කිරීම බලාපොරොත්තු වෙයි.

     

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න, ශාන්තිනී කෝන්ගහගේ  ඇතුළු කාන්තා නියෝජිතයින් ද අපනයන කෘසිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya