ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1000කට විශේෂ සම්මන්ත්‍රණයක්

    මාර්තු 10, 2016

    ශ‍්‍රී ලංකාව තුළ වස විස නැති ගොවිතැන ස්ථාපිත කිරීම සඳහා  “වස විස නැති ජාතික වෙළෙඳ පොල” ව්‍යාපෘතියට සහ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1000 කගේ සහභාගීත්වයෙන් විශේෂ සම්මන්ත‍්‍රණයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පසුගියදා පැවත්විණි.

    එමෙන්ම වස විස නැති ජාතික වෙළෙද පොල ප‍්‍රදර්ශණයට සමගාමීව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය, ශ‍්‍රී ලංකා ආයුර්වේ ද සංස්ථාව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, කළමණාකරණ සංවර්ධන සැළසුම් ඒකකය, පෝෂණ අංශය, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශය, වකුගඩු රෝග නිවාරණ ඒකකය යන අංශ විසින් විශේෂ ප‍්‍රදර්ශණ කුටි ඉදිරිපත් කර තිබුනි.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා, වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් යන අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සම්මන්ත‍්‍රණයට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, අතිරේක ලේකම් ජනක ශ‍්‍රී චනද්‍රගුප්ත මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya