ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

    මාර්තු 15, 2016
    ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පසුගියදා කමිටුවේ සම සභාපති වන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 
    මෙහිදී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නව ඉදිකිරීම් සහ පිළිකා රෝගීන් සඳහා ප්‍රමාණවත් ඉඩ කඩ නොමැති වීම පිළිබඳව විශේෂ අවදානය යොමු කළ අතර ඉදිකිරීම් හි වත්මන් ප්‍රගතිය විමසා බැලීමද සිදු විය. එමෙන්ම මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ලේකම්වරුන් පැමිණ සිටි අතර අඛණ්ඩව සිදු විය යුතු කැලි කසල ප්‍රවාහනය සහ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් හි ප්‍රගතිය විමසා බැලීම ද සිදු විය.ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල් හි පවතින ගුරුපුරප්පාඩු පිළිබඳව බලධාරීන්ගේ අවදානයට ලක්කල අතර ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවට යෝජනා විය.
     
    පාර්ලිමේන්තු, පළාත් සභා සහ පලාත් පාලන මහජන නියෝජිතයින් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya