ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක්

    මාර්තු 18, 2016
    ජනාධිපතිතුමන්ගේ මතින් නිදහස් රටක් සංකල්පය සාක්ෂාත් කර ගැනීම සඳහා දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව මගින් මේ වන විට ක්‍රියාත්මකව පවතින හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන්, සුරාබදු සහකාර කොමසාරිස් ඇතුළු නිලධාරින් සහ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ රැස්වීමක් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.
    මත්ද්‍රව්‍ය භාවිතය නිසා ලංකාවේ දිනකට මරණ 150 පමණ සිදුවන බවත් වසරකට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය වෙනුවෙන් රුපියල් කෝටි 1,400/- ක් වැය කරන බවත් වසරකට දුම්වැටි වෙනුවෙන් රුපියල් කෝටි 200 ක් වැය කරන බවත් මත්ද්‍රව්‍ය ‍බවුසර් වශයෙන් 1,750 ක් පානය කරන බවත් මෙම දැනුම්වත් කිරීමට සහභාගී වූ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා‍ පෙන්වා දුන්නේය.
     
    වර්තමානයේ පිරිමි දරුවන් පමණක් නොව ගැහැණු දරුවන් පවා මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වී ඇති බව සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන බවත් ඔවුන් නොයෙකුත් උපක්‍රම යොදා මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කරගෙන ඇති බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.  මත්ද්‍රව්‍ය නිවාරණයේ දී දේශපාලන බලපෑම් මේ වන විට නතර කර ඇති බවත් ලංකාවට එන මත්ද්‍රව්‍ය වැලැක්වීමට රජය විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවත් අවධාරණය කලේය.
     
    දුම්වැටි භාවිතය අද රටේ සීග්‍රයෙන් අඩු වී ඇති බවත් ඉදිරියේ දී අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගෙන පාසල් දරුවන් හා ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම අවස්ථාවට සහභාගී වූ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ වයඹ පළාත් අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කලේය.
     
    පොලිස් ස්ථානාධිපතිවරුන් තමන්ගේ බලප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට වගකීමෙන් කටයුතු කළ යුතු බව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
     
    AP/DMU-kurunegala
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya