ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගල්ගමුව සහ බිංගිරිය පොලිස් ස්ථාන සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ දෙකක්

    මාර්තු 18, 2016
    ගල්ගමුව හා බිංගිරිය පොලිස් ස්ථාන සදහා පොලිස් ළමා හා කාන්තා  කාර්යාංශ ගොඩනැගිලි දෙකක් ඉදිකර ජනතා අයිතියට පත්  කිරීම පසුගියදා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
    ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කර ඔවුන්ට හිතකර සමාජයක් බිහි කරලීමේ අරමුණින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින්  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
     
    කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පොලිස් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් ඉදිකෙරුණු මෙම එක් ගොඩනැගිල්ලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක් වැය කර ඇත.
     
    ළමයින් හා කාන්තාවන් සම්බන්ධ සිද්ධීන් විමර්ශණය කිරීමේදී ඔවුන්ගේ රහස්‍යභාවය රැකෙන අයුරින් අංග සම්පුර්ණව මෙම ගොඩනැගිලි ඉදි කර ඇත. උපදේශන කාමර ,සෙල්ලම් මිදුල් ,රෑපවාහිනී යන අංගවලින් මෙය සමන්විතය.
     
    AP/DMU-Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya