ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රටම එළියයි අඳුර දුරලයි ජාතික විදුලි සත්කාර වැඩසටහන ගාල්ලේදී

    මාර්තු 23, 2016
    රටම එළියයි අඳුර දුරලයි ජාතික විදුලි සත්කාර වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන පසුගියදා විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හෝල් ඩී ගොල් ශාලාවේ දී පැවැත් විණි.
    ගාල්ල දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති නිවාස 5,400 ක් පමණ ඇති බවට සංඛ්‍ය ලේඛන මගින් තහවුරු වන බවත් මෙම සියළු අවශ්‍යතාවයන් කඩිනමින් සපුරාලිය යුතු බවත් මෙහිදී ඒ මහතා උපදෙස් ලබා දුන්නේ ය. 
     
    ගාල්ල දුෂ්කර ප්‍රදේශයන් හි මෙම තත්වය පවතින බවත් දිළිඳු කම සහ ස්ථිර ඉඩම් හිමිකම නොමැති වීම මෙයට ප්‍රධාන හේතුවක් බවත් ඒ මහතා මෙහි දී අනාවරණය කළේය. එබැවින් නොමිලේ විදුලිය සපයන බවත් ඒ සඳහා සැපයුම් ගාස්තු අය නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුලාල් බණ්ඩාරිගොඩ, විදුලි බලමණ්ඩලයේ උපසභාපති ගාමිණි වනසේකර, ලෙ.කෝ සභාපති ලාල් ගුණසේකර සහ වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya