ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වගාවට රිලවුන්ගෙන් වන හානිය අවම කිරිමට සැලසුමක්

    මාර්තු 23, 2016
    රිලවුන්ගෙන් වගාවට  වන අහිතකර බලපෑම අවම  කිරිම සදහා විශේෂ ව්‍යාපෘතියක් ඉදිරියේදී සැලසුම් කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්. අබේව්ක්‍රම වනසුරිය මහතා ප්‍රකාශ කරයි.
    ඒ මහතා මෙම අදහස් දැක්වුයේ වගාවන් සදහා රිලවුන්ගෙන් වන අහිතකර බලපැම පිළිබදව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති විද්වත් හමුවකදීය. 
     
    මෙම සාකච්ජාවේදී ගොඩ මඩ වගාවන්ට රිලවුන්ගෙන් වන හානිය පිළිබදව නිලධාරීන් හා ගොවි නියෝජිතයින් විසින් විද්වත් සභාව දැනුවත් කරන ලදී. 
     
    වගාවන් සදහා රිලවුන්ගෙන් වන හානිය අවම කිරිම සදහා රිලවුන් ගහණය පාලනය  කිරිම සදහා දිගු කාලීන හා කෙටි කාලීන වශයෙන් සැලසුම් කිරිම පිළිබදව මෙහිදි සාකච්ජා කරන ලදි. 
     
     මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ  අමල් අරුණප්‍රිය මහතා ද ප්‍රාදේශීය ලේකම්වරු , පශු වෛද්‍යවරු,  වනජීවී නිලධාරීන් , ගොවි නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී විය.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya