ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    හොදම සත්ව පාලන පුහුණු ගොවිපළ ලෙස සීප්පුකුලම ගොවිපල පත්කරනව - අමාත්‍ය පී.හැරිසන්.

    මාර්තු 24, 2016
    ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක රජරට නවෝදය වැඩ සටහන යටතේ සීප්පුකුලම සත්ව පාලන පුහුණු ගොවිපල අනුරාධපුර ප්‍රදේශයේ  පමණක් නොව රටේ හොදම සත්ව පාලන පුහුණු ආයතනය ලෙස පත්කරන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යපී.හැරිසන් මහතා පැවසීය.
    වසර දෙකක පුර්ණ කාලීන සත්ව පාලන පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව හදාරා අවසන් කල 80 ක පමණ සිසු සිසුවියන් වෙත සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
     
    ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශය යටතේ පවතින අනුරාධපුර,සීප්පුකුලම සත්ව පුහුණු ආයතනය මගින් සෑම දෙවසරකටම වරක් පුර්ණ කාලීන න්‍යාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීමෙන් අනතුරුව පවත්වනු ලබන පරීකෂණයකින් අනතුරුව ඉන් සමත් අයට මෙම සහතික පත්‍ර ප්‍රදානය කරනු ලබයි.
     
    මෙහිදි තවදුරටත් පැමිණි සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙම ගොවිපළ ආරම්භ කර තිබෙන්නේ විදේශිය රටකින්  ලැබුන පරිත්‍යාගයක්  ලෙසය. නමුත් ඉන් නිසි ප්‍රයෝජන ලබා ගන්න පහුගිය රජය සමත් වෙලා නැහැ.2003 වසරේ සිට මේ ගොවිපළ වසා දමලයි තිබුනේ.එයට හේතු ලෙස දක්වා තිබුනේ මැසි මදුරු උවදුර හා පානීය ජල ප්‍රශ්නය හේතුවෙන් ආචාර්ය මණ්ඩලය මෙම ආයතනය  වෙත ඒම ප්‍රතික්ෂේප  කරන බවයි.
     
    නමුත් පසුගිය වසර දෙක තුල මෙම ආයතනය සම්පුර්ණයෙන් නවීකරණය කර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් හා ආචාර්ය මණ්ඩලයේ අවශ්‍යතා  තරමක් දුරට හෝ සපුරා නැවත ආරම්භ කලා.
     
    නමුත් මෙම ආයතනය සදහා වු අවශ්‍යතා තව ඉටු කරගන්න තියෙනව.විශේෂයෙන් පානීය ජල ගැටළුව ඒ සදහා මේ වසර අවසානය වන විට අපට විසදුම් ලබා දිය හැකියි.මෙම ගොවිපල අක්කර 125 කින් සමන්විතයි. නමුත් මේ දක්වා භාවිතා කරන්නේ අක්කර 25 ක් පමණයි.ඉතිරි භුමි ප්‍රමාණය වල් වැදිල.ඒ නිසා ඉතා ඉක්මනින් එම භුමිය සදහා සියළු සතුන්ගෙන් සපිරි ආදර්ශ ගොවිපළක් ආරම්භ කරන්න අපගේ අමාත්‍යංශය  මේ වන විට සැලසුම් කර තියෙනව.
     
    ඒ තුලින් මෙහි ඉගෙන ගන්න දරු දැරියන්ට වගේම මේ  පිළිබද උන්නදුවක් දක්වන අයටත් සත්ව පාලනයේ යෙදී ඉන්න ගොවි මහතුන්ටත් පුහුණුවක්  ලබා ගැනීමටත් හැකිවේවී.
     
    සත්ව පාලනය පිළිබද උන්නදුවක් දක්වන අය සදහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේත්  ලෝකය පුරාම හොද ඉල්ලුමක් පවතිනව.දැනුම හැකියාව හා දක්ෂතාවය  මෙන්ම යම්කිසි ඉලක්කයක් අනුව කටයුතු කිරීමෙන් අද සහතික ලබා ගෙන මේ දරුවන්ට සත්ව පාලන අංශයේ ඉහලටම යා හැකි බව මගේ විශවාසයයි.
     
    විශේෂයෙන්ම අපේ රටේ පිටිකිරි පරිභෝජනය සදහා කෝටී ප්‍රකෝටී ගණන් මුදල් විදේශිකයන්ට ඇදී යනව.ඒ නිසා දියර කිරි පරිභෝජනය සදහා අප රට හුරුකරවීමටත් , දියර කිරි නිෂ්පාදනයට ඔබලාගේ දායකත්වය ලබා දීමෙනුත් පිට රටට ඇදී යන විශාල මුදලක් වාර්ෂිකව ඉතිරි කර ගන්න  හැකියාව ලැබෙනව.ඒ සදහා ද ඔබලාගේ දායකත්වය අපි බලාපොරොත්තු වෙනව.මෙම පාඨමාලාව සදහා යුද්ධයෙන් බැට කෑ  දමිල දරු දැරියන් ද සහභාගී වීම අපිට සතුටක්. ඒ අයත් මේ පාඨමාලාව අවසන් කර තමන්ගේ ප්‍රදේශ වල විශේෂයෙන් කිරි කර්මාන්තය නගා සිටු වීමට දායක වෙතැයි අපි බලාපොරොත්තු වෙනව.
     
    මෙම අවස්ථාව සදහා අමාත්‍යංශ ලේකම් රේණුකා ඒකනායක,අතිරේක ලේකම් පී. පතිරත්න මහතා, සත්ව නිශ්පාදන  හා සෞඛ්‍ය දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසක් සහභාගි විය. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya