ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ආයතන හා රාජ්‍ය නිලධාරීන් ජාලගත කිරීමේ වැඩසටහනක් මාතර දී

    මාර්තු 24, 2016
    ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවර්ධනය උදෙසා ඔවුන්ගේ අවශ්‍යතා වලට අදාළව රාජ්‍ය ආයතන හා රාජ්‍ය නිලධාරීන් ජාලගත කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    මාතර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින්ගේ ගැටළු හඳුනාගෙන ඒවා අදාළ රාජ්‍ය ආයතන හෝ රාජ්‍ය නිලධාරීන් වෙත යොමු කිරීම  හා ජාලයක් වශයෙන් ක්‍රියාත්මකවීම පිළිබඳව සඳහා වන දැනුම්වත් කිරීම මෙහි දී සිදු කරන ලදි.
     
    තංගල්ල නව ජීවන ආයතනයේ අනුග්‍රහයෙන් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන සඳහා එම ආයතනයේ ක්ෂේත්‍ර සම්බන්ධීකරණ නිලධාරී සේපාල සමරසිංහ මහතා සහ පුහුණු සම්බන්ධීකරණ නිලධාරී කේ. සුනිල් මහතා විසින් මෙහි සම්පත් දායකත්වය නොමිලයේ ලබා දුනි.
     
    මාතර දිස්ත්‍රික් සමාජ සේවා අංශය වැඩසටහන සම්බන්ධීකරණය හා සංවිධානය සිදුකරන ලද අතර මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් හැටකට අධික පිරිසක් සහභාගි වූහ.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya