කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘෂි කමිටු රැස්වීමේදී ඉහත ගැටළුව පිළිබදව දිර්ග ලෙස සාකච්ජා කරන ලදී.
මේ පිළිබදව කෑගල්ල ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලය ලිපියක් මගින්ද දිස්ත්‍රික් කෘෂී කමිටුව දැනුවත් කර තිබුණි. විශේෂයෙන් සුනාමි යන්ත්‍ර කොළ මැඩීම සදහා භාවිතයේදී පහත ගැටළු පැන නගින බව මෙහිදී හෙලි විය.මාර්ග අවහිරතා, පිදුරු හා කාටු කුඹුරුවලට එකතු නොවී අසල නිවෙස් වලට හා වගාවන්ට හානි වීම, ළිං වලට කාටු එකතුවීම නිසා පානීය ජල ගැටළු උද්ගත වීම ආදිය ප්‍රධාන ගැටළු ලෙස මෙහිදි හදුනා ගැණිනි.
එහෙත් මෙය විසදුමක් නොමැති ගැටළුවක් වන බැවීන් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශය වෙත යොමු කර තාක්ෂණික නිර්දේශයක් ලබා ගැනීම සුදුසු බව කෑගල්ල දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ අමල් අරුණප්‍රිය මහතා ප්‍රකාශ කරන ලදි.
AP/DMU-Kegalle



















