ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රුහුණු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය 09 වැනිදා සිට මාතර දී

    අප්‍රේල් 08, 2016
    මාතර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ඇතුළත් රුහුණු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය අප්‍රේල්  09 වන දින පෙ.ව. 10.00 ට  මාතර උයන්වත්ත ළමා උද්‍යාන පරිශ්‍රයේ දී ආරම්භ කිරීමට නියමිතය. 
    මෙම ප්‍රදර්ශණය අප්‍රේල් 9 - 11 දක්වා පෙ.ව. 9.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙන බව මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී.කේ. පතිරණ මහතා පවසයි.
     
    මෙම අලෙවි ප්‍රදර්ශනයේ දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයම ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් හැට දෙනෙකුගේ නිෂ්පාදන ඇතුළත් අලෙවි ප්‍රදර්ශන කුටි හැටක් ඉදි කෙරේ. ඒවායේ ආහාර, ඇඟලුම් නිෂ්පාදන, මල්, විසිතුරු පැළ, අත්කම් නිර්මාණ ඇතුළු විවිධ නිෂ්පාදන ගණනාවක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    මෙහි සමාරම්භක උත්සවය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර , නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක , මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. 
     
    මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා රුහුණු ශක්ති ව්‍යවසායක සංසදය එක්ව මෙය සංවිධානය කරති.
     
    AP/DMU- Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya