ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    “හෙළ සුවය“ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දී

    අප්‍රේල් 10, 2016
    කාබනික පොහොර භාවිතයෙන් වගා කරන දේශීය වී වර්ගවල ගුණාත්මක භාවය පිළිබඳව ගොවීන් හා රජයේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    හෙළ සුවය සංවිධානයේ වෛද්‍ය කේ.එස්. දහනායක මහතා මෙහි සම්පත් දායකත්වය සපයන ලදි.
     
    ආහාර නිෂාපාදනය සඳහා විෂ සහිත කෘෂි රසායන භාවිතය නිසා ‍ලෝකයම මුහුණ දී ඇති භයානක තත්ත්වය පිළිබඳව සාධක සහිතව මෙහි දී අවධාරණය කෙරිණි. හෘද රෝග, අක්මාව ඉදිමීම, වකුගඩු රෝග, අධි රුධිර පීඩනය, පිළිකා හා දියවැඩියාව ආදී රෝග ගණනාවකට කෘෂි රසායන භාවිතයෙන් නිෂ්පාදනය කරන ආහාර හේතු වී ඇති බව විද්‍යාත්මක සාධක සහිතව පෙන්වා දෙන ලදි.
     
    මෙහිදී ශරීරයේ විෂ නසන ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත දේශීය වී වර්ග, එළවලු, පළතුරු, පළා, අල වර්ග හා ඇට වර්ග ආදිය පිළිබඳව ද හඳුන්වා දුනි.
     
    මාතර වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මගින් මෙම දැනුම්වත් කිරීමේ වැඩ සටහන සංවිධානය කරන ලදි.
     
    AP/DMU -Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya