ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වැඩසිටිකන්ද විහාරයට කුඹුරු අක්කර දෙකක පූජාවක්

    අප්‍රේල් 09, 2016

    කතරගම, වැඩසිටිකන්ද විහාරස්ථානයේ හා සෙල්ලකතරගම ධර්ම නිකේතන විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහත විසින් පසුගියදා  ඉඩම් පූජාවක් සිදු කරනු ලැබීය.

     

    කුඹුරු අක්කර දෙකක මෙම ඉඩම විහාරාධිපති හීල්ලේ ඤාණානන්ද හිමි වෙත පූජා කරමින් අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේ, වැඩසිටිකන්ද විහාරස්ථානය හා සෙල්ලකතරගම ධර්ම නිකේතන විහාරස්ථානය ආශ්‍රිතව විහාරාධිපතින් වහන්සේ සිදු කරනු ලබන සේවාව දිරි ගැන්වීම පිණිස මෙවැනි පූජාවක් සිදු කිරීමට අදහස් කළ බවයි.

     

    ඊට අදාල ඔප්පුව අමාත්‍ය දයා ගමගේ මැතිතුමා අතින් හීල්ලේ ඤාණානන්ද හිමියන් වෙත එහිදී පිළිගැන්වීය. මෙවැනි දායකත්වයන් ලබා දීම තුළින් දානමය පුණ්‍යක්‍රියා සිදු කරන පුද්ගලයින්ට කුසල් රැස්වනවා සේම බුදු සසුන වෙනුවෙන් ඇප කැප වී වෙහෙසෙන භික්ෂූන් වහන්සේ දිරි ගැන්වීම ද සිදු වන්නේ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිදා විවෘත කිරීමට නියමිත චෛත්‍ය රාජයාණන් වහන්සේගේ, රන්වැටෙහි හා බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

     

    ඒ අනුව, අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා සහාය ලබා දෙන ලෙස ද එහි සංවර්ධන කටයුතු පිළිබඳ අධීක්ෂණය කරන ලෙසත්, දයා සමූහ ව්‍යාපාරයේ වත්මන් කළමණාකාර අධ්‍යක්ෂ චමින්ද්‍ර ගමගේ මහතා වෙත අමාත්‍ය දයා ගමගේ මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    ඉන් අනතුරුව අමාත්‍යතුමන් වැඩසිටිකන්ද ඊශ්වර දේවාලයේ ආගමික වතාවත් සඳහා ද සහභාගී විය. මෙම අවස්ථාවට ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය, දයා සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ චමින්ද්‍ර ගමගේ මහතා සහ එම මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya