ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වී මෙට්ට්‍රික් ටොන් 117,255ක් මිලදී ගෙන අවසන්

    අප්‍රේල් 13, 2016
    ගොවීන්ගේ වී මිලදී ගැනීම සහ ගබඩා පහසුකම් පිළිබඳ පසුගිය දිනවල විවිධ පාර්ශවයන් මඟින් රජයට විරෝධය පෑව ද, මේ වන විට වී අලෙවි මණ්ඩලය මඟින් දිවයින පුරා වී මෙට්‍රික්ටොන් 117,255ක් මිලදි ගෙන ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 4,562ක් බැංකු මඟින් ගොවියන් වෙත ගෙවා ඇති බව ද ග්‍රාමීය ආර්ථිය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
    වත්මන් ජනාධිපතිවරයාද ගොවියෙක් නිසා ඔහු ගොවියන්ගේ ගැටළු හොදින් හඳුනන බවද, ඒ නිසාම ගොවියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වරින් වර තමන් වෙත උපදෙස් දෙන බවත් ගොවියන්ගේ වී මිලදී ගැනීම සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණය බැංකු වෙත නිකුත් කර ඇති බවත් පැවසීය.
     
    එබැවින් ගොවියාගේ වී ටික වී අලෙවි මණ්ඩලයට දුන් දිනට පසු දිනම රස්තියාදු වීමකින් තොරව බැංකු මඟින් අදාල මුදල් ලබා ගත හැකි බවත් මෙතෙක් වී විකුණා ගත නොහැකි වු ගොවීන්ට එළබෙන උත්සව සමයෙන් පසුවද වී අලෙවි මණ්ඩලයට තමන්ගේ වී ලබා දිය හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේය.
     
    AP  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya