ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    “හරිත රන් නිවාස“ යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ වේ

    අප්‍රේල් 13, 2016
    වතු ජනතාව විශාල අපහසුතා මධ්‍යයේ ජීවත්වන බව තමන් දන්නා බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම තම අරමුණ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජනරජයේ මූල්‍ය අනුග්‍රහය මත වටවල ප්‍රාදේශීය වැවිලි සමාගමට අයත් ගාල්ල, උඩුගම හෝමදොළ වත්තේ “හරිත රන් නිවාස“ යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංවර්ධන දැක්ම යටතේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන්, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් මහතාගේ මඟ පෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතියෙහි වැඩ කටයුතු ආරම්භ විය.
     
    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    “වතු ජනතාවට විවිධ ප්‍රශ්න ඇති බව මම හොඳින් දන්නවා. ඔබගේ දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය ලබන්නට පාසලක් නැහැ. ජීවත් වීම පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ඒ ගැන මම හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඔබගේ මළ ගෙවල්වල, මඟුල් ගෙවල්වල මම එන්නේ නැහැ. මම ඒ ගැන මැතිවරණ සමයේදිත් ප්‍රකාශ කළා. මගේ වගකීම් ඊට වඩා වෙනස්. මැතිවරණ සමයේදී මම ප්‍රකාශ කළ සියලුම කරුණු ඔබ වෙනුවෙන් ඉටුකරනවා. ඒ සඳහා අවශ්‍ය මූලික වැඩකටයුතු මේ දිනවල සිදුකරනවා. මම දේශපාලනය කරන්නේ ඉතාම සිහිබුද්ධියෙන්. ඔළුව අතගාන පිටට තට්ටු කරන දේශපාලනයක් මම කරන්නේ නැහැ. ඔබගේ දරුවන්ගේ අනාගතය යහපත් කරන්න තීන්දු තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරන දේශපාලනයකයි මම නිරතවෙලා සිටින්නේ.“ යැයි කීය.
     
    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා ඇතුළු වටවල වැවිලි සමගමේ නිලධාරීහු පිරිසක් සහභාගීවී සිටියහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya