ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලියීය බක් මහ උළෙල අද

    අප්‍රේල් 23, 2016

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන බක් මහ උළෙල මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින්  අද (23)  දවස පුරා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී හා මාතර කොටුව - මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඵලදායිතා කව අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම අවුරුදු උත්සවය මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන  සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගිවිමට නියමිතය.

     

    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත සහ  ඵලදායීතා කව ඒකාබද්ධව මෙම බක් මහ උළෙල සංවිධානය කරනු ලැබේ.

     

    ශක්ති, එකමුතු, තුළිත, ප්‍රදීප, අලුත් අස්වැන්න, දක්ෂිණ, සමෘද්ධි, සමගි, සංඛ්‍යාන, හිරු, වීර හා විනිවිද යනාදී ඵලදායීතා කව මේ සඳහා සහභාගිවීමට නියමිත ය.

     

    මෙහි දී අවුරුදු ක්‍රීඩා හා ජන ක්‍රීඩා විසි හයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya