ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සැදැහැ වඩන පොසොන් සදට - මිහින්තලය සූදානම්

    මැයි 05, 2016
    ලෝක වාසි සුවහසක් බෞද්ධ ජනතාව ඉමහත් භක්තියෙන් සමරන වාර්ෂික පොසොන් උත්සවය  සදහා සියලු කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතී. ජාතික පොසොන් උත්සවය පවත්වනු ලබන්නේ අනුරාධපුරය හා මිහින්තලය කේන්ද්‍ර කරගෙනයි.
    අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කීරීමෙන් පසුව පවත්වන ලද 2323 වන පොසොන් උත්සවය ලෙස මෙවර පොසොන් උත්සවය ඉතිහාසයට එකතු වේ. ජුනි මස 16 වනදා සිට  22 වන දා දක්වා කාලය මෙවර පොසොන් සතිය ලෙස නම්කර තිබේ. 
     
    මිහින්තලා පොසොන් සුදානම පිළිබදව විශේෂ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
     
    එහිදී මෙවර පොසොන් උත්සවය  තුල මිහින්තලය කේන්ද්‍ර කරගෙන සිදුකරනු ලබන ආගමික කටයුතු පිළිබදව දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම මිහින්තලය රජමහා විහාරාධිපති, පුජ්‍ය වලවාහැන්ගුණ වැවේ ධම්මරතන හිමියන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදහ. 
     
    මෙවර  මිහින්තලය සති පිරිත ආරම්භ වන්නේ ජුනි 09  වන දා සිට 16 වනදා දක්වායි. 15 වනදා රාත්‍රීයේ දොරකඩ අස්න පැවැත්වේ. සුපුරුදු පරිදි මෙවර ද දහම් පාසල් සිසුන් දහසකට සිල් රෙදි ප්‍රදානය ද සිදු කෙරේ. බැති ගී ප්‍රසංග, හේවිසි පුජා , ශිල භාවනා වැඩසටහන් ආදිය ද සුපුරුදු පරිදි සිදුකිරීමට නියමිතය.
     
    බැතිමතුන්ගේ පහසුව සදහා ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, ජීවිතාරක්ෂක සේවා, රථ ගාල් ස්ථාපනය, සෞඛ්‍ය පහසුකම්, ප්‍රවාහන සේවා ආදිය නිසි ලෙස සැපයීමට අවශ්‍ය ක්‍රියාකාරීත්වයන් දැන් කෙමෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. රාජ්‍ය ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන රැසක් මේ සදහා සුපුරුදු පරිදි එක්ව සීටී. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya