ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අනුරපුර පුජා නගරයේ දර වලින් ගිනි දැල්වීම නතර කිරීමට තීන්දුවක්

    මැයි 04, 2016
    පුරාවිද්‍ය නීතියට අනුව  ඓතිහාසික  වටිනාකමක් ඇති ස්ථානවල ගිනි දැල්වීමට ඉඩක් නැත. නමුත් උත්සව සමයට අනුරාධපුරයට පැමිණෙන බොහෝ වන්දනා කරුවන් සිය ආහාර පිස ගැනිම සදහා පුජා නගරයේ විවිධ තැන්වල ගිනි දැල්වීම නිරන්තරවම සිදු කිරීම සුලබ දසුනක්. මේ තත්ත්වය දිගින් දිගටම පැවැතීමෙන් පුරා විද්‍යාත්මක ස්ථාන වලට හානි පැමිණිම සිදුවේ. 
    මෙරට ඓතිහාසික උරුමය රැක ගැනිමේ වගකීම පවත්නේ මෙරට පුරවැසියන්ට ම වන නිසා  වටිනා ඉතිහාසයක් ඇති ස්ථාන සුරක්ෂිත කිරීම වෙනුවෙන් සෑම කෙනෙකුම කැපවිය යුතුයි. එහෙත් ඇතැම් වන්දනා කරුවන්  ගිනි දැල්වීම සදහා ලිප් තනා ගන්නේ ද පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගල් කණු ආදිය යොදාගෙනයි.  මෙම තත්ත්වය දිගින් දිගටම පැවැතිම හානිදායක වේ. 
     
    මේ වසරේ සිට පුජා නගරයේ ගිනි දැල්වීම සදහා  දර භාවිතය නතර කිරිමට පියවර ගෙන ඇත්තේ මේ තත්ත්වය මතයි. දර වෙනුවට ගෑස් භාවිත කිරීමට අවස්ථාව ලැබේ. දන්සල්  සදහා ද මින් මතුවට දර වෙනුවට ගෑස් භාවිත කිරිමට සිදුවේ. බොදු බැතියෙන් පුණ්‍ය කර්ම ලෙස සිදු කරන මෙම  දන්සල් කටයුතු පවත්වාගෙන යාමට කරන අවහිරයක් ලෙස මෙය නොසිතිය යුතුයි. 
     
    මන්ද යත් මෙම සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ඓතිහාසික වටිනාකම් තවදුරටත් ඉදිරි පරම්පාරාවන්ට නිරුපද්‍රිව  දායාද කිරිම අරමුණු කරගෙන වන බැවිනි. පොසොන් කමිටුවට එක්වු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවැසුවේ, අනුරාධපුරයට පැමිණෙන වන්දනා කරුවන් සදහා ආහාර සකස් කරගැනීමට වෙනමම ස්ථානයක් ඉදිරියේ දී ස්ථාපනය කිරිමට පියවර ගන්නා බවයි. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya