ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කළුතර දිස්ත්‍රික්ක‍යේ ඉන්නල වගාව ව්‍යාප්ත කිරීමට පියවර

    මැයි 04, 2016
    හොරණ, මිල්ලනිය, බණ්ඩාරගම, මොරොන්තුඩුව යන ප්‍රදේශ වලට පමණක් සීමා වී ඇති ඉන්නල භෝග වගාව මුළු දිස්ත්‍රික්කය පුරාම ව්‍යාප්ත කිරීමට කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව තීරණය කරයි.
    ඉන්නල අල භෝගය සඳහා විශාල ඉල්ලුමක් පැවැතියත් ප්‍රමාණවත් නිෂ්පාදනයක් දිස්ත්‍රික්කය තුල සිදු නොවන බව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී අනාවරණය විය.
     
    මේ අනුව මෙම වර්ෂය තුල අලුතින් හෙක්ටර්යාර් 19 ක ඉන්නල වගාව සඳහා ගොවීන් යොමු කර ලීමට පලාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය පිය‍වර ගෙන ඇත.
     
    රෝග බෝවීමේ අඩු අවදානමක් ඉන්නල භෝගය තුල පවතින හෙයින් සෑම ප්‍රදේශයකම මෙම භෝගය ව්‍යාප්ත කරලීමේ හැකියාව පවතී. දිස්ත්‍රික්කයේ වගා කල හැකි සෑම ගෙවත්තකම යම් කොටසක් ඉන්නල වගාව සඳහා යොමු කරලීමට පලාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය අවධානය යොමු කර ඇත.
     
    AP/DMu-Kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya