ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව රැස්වේ‍

    මැයි 06, 2016
    මාතර දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    මාතර දිස්ත්‍රික්කයේ ලක්ෂ තුනකට ආසන්න ළමා ජනගහනයක් ජීවත්වන අතර ඔවුන්ගේ සුරක්ෂිතතාව හා අනාගත අභිවෘද්ධිය උදෙසා විවිධ තීන්දු ගැනීම මෙම කමිටුවේ කාර්ය භාරයයි.
     
    ළමා අපචාර, ළමා අපයෝජන, ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය වළක්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයක් වශයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී අවධානය යොමු කරන ලදි. එපමණක් නොව ළමයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ළමා සුභසාධන වැඩසටහන් හා ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රැස්වීම සංවිධානය කළ අතර මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු ළමා සංවර්ධන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් හා පොලිසිය මේ අවස්ථාවට සහභාගි වූහ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya