ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    තේ වතුවල අතිරේක භෝග වගාවට අවධානය යොමුකෙරේ

    මැයි 07, 2016
    කළුතර දිස්ත්‍රික්කයේ ඇති තේ වතුවල අතිරේක භෝග වගා කිරීම සඳහා තේ නිෂ්පාදකයන් උනන්දු කරලීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය අවධානය යොමු කර ඇත.  
    ඒ අනුව පොල්, පළතුරු වර්ග අල වර්ග යනාදිය තේ වතුවල අතිරේක භෝග වගාවන් ලෙස වගා කල හැකි බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.  මීට අමතරව මී මැසි පාලනයද තේ වතු ආශ්‍රිතව සිදු කෙරේ.
     
    මෙම අතිරේක භෝග වගාවන් තුලින් සැලකිය යුතු ආදායමක් ලබා ගත හැකි බැවින් තේ මිල අඩුවන කාලසීමා වලදී එය ඉතා වැදගත් බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් ස්ථානභාර නිලධාරී ඩී.පී. අබේතිලක මහතා පවසයි.
     
    මේ සඳහා තේ නිෂ්පාදකයන් දැනුවත් කරලීමේ වැඩසටහනක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය සැලසුම් කර ඇති අතර නොබෝ දිනකින් මෙම වැඩ සටහන ආරම්භ කිරීමට නියමිතයි.
     
    මෙය සෑම ප්‍රදේශයකම පවතින තේ වතුවල ක්‍රියාත්මක කල හැකි වැඩ සටහනක් බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අදහසයි.
     
    AP/DMU-Kalutara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya