ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ලේ වැඩසටහන් රැසකට මුදල් වෙන් කෙරේ

    මැයි 10, 2016

    ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මාධ්‍ය අංශය සඳහන් කරයි.


    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (09) පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ බව සඳහන් කළ බව එම දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි. කමිටුව ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිණි.

     

    මෙම දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර සඳහා රුපියල් මිලියන 104ක් වෙන් කර තිබේ.

     

    එසේම පාරිසරික ව්‍යාපෘති සඳහා මිලියන 90කට ආසන්න මුදලක් වෙන් කර ඇති බව දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා පුෂ්පා මලලසේකර මහත්මිය  සඳහන් කළාය.

     

    වෙරළ ආශ්‍රිත සුරක්ෂිතතා වැඩසටහන් සඳහා මිලියන 79ක්, වනාන්තර සහ කන්නෙලිය රක්ෂිතය ‍වෙනුවෙන් මිලියන 6.72ක්, සමුද්‍ර දූෂණය වළක්වාලීමේ වැඩසටහන් සඳහා මිලියන 1.5ක් වශයෙන් එම මුදල් වෙන් කර ඇති බව  ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya