ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කෙසෙල් කඳන්වලට නව අගයක් එක්කෙරේ

    මැයි 10, 2016


    දේශීය වගාකරුවන්ගේ අපතේ යන කෙසෙල් කඳන්වලට අගයක් එක්කරමින් එයින් ලබා ගන්නා අපද්‍රව්‍යවලින් පලතුරු කල් තබාගත හැකි ඇසුරුම් ද්‍රව්‍ය නිර්මාණය කර ගත හැකි තාක්ෂණයක් කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සොයාගෙන ඇත.

    මෙම ව්‍යාපෘතිය කැනඩා රජයේ ආධාර ඇතිව (International Development Research Centre-IDRC/ Global Affairs Canada- GAC) එම ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ සහ ද්‍රව්‍ය තාක්ෂණ අංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබ ඇත.

    අපතේ යන කෙසෙල් කඳන්වලින් ලබා ගන්නා කෙසෙල් කෙඳි සඳහා විදේශ වෙළෙඳපොළක් ඇති බවත් එහි දී අපද්‍රව්‍ය ලෙස ඉවත්වන කෙසෙල් බඩ (Banana pith) වශයෙන් හඳුන්වනු ලබන මෙම අපද්‍රව්‍ය භාවිතයෙන් අඹ අස්වනු නෙලීමෙන් පසු ප්‍රවාහනය කිරීමේදී භාවිත කළ හැකි ඇසුරුමක් නිපදවා ඇත. මේ පරිසර හිතකාමී පලතුරු ඇසුරුම් දැනට භාවිත කරන දිරා නොයන ස්ටයිරෆෝම් ඇසුරුම් වෙනුවට භාවිත කළ හැක.

    මෙම ඇසුරුමට අමතරව එම ව්‍යාපෘතිය යටතේ අඹ, කෙසෙල්, ගස්ලබු වැනි පලතුරු සඳහා අස්වැන්න කල්තබා ගත හැකි සහ එම පලතුරුවල ජීව කාලය දිගු කරගත හැක. පරිභෝජනයට සුදුසු තාක්ෂණ ක්‍රම කිහිපයක් වගාකරුවන්ට හඳුන්වාදීමට බලාපොරොත්තු වේ. මේ තුළින් දේශීය වගාකරුවන්ට, අලෙවිකරුවන්ට හා අපනයනකරුවන්ට ප්‍රවාහනයේදී මුහුණපාන ගැටලු කිහිපයක් මගහරවා ගත හැකි අතර තම අස්වැන්න සඳහා වැඩි මුදලක් ලබා ගත හැකිවනු ඇත. මෙම පලතුරුවල සිදුවන 40%ක පසු අස්වනු හානිය අඩු වශයෙන් 10%ක ප්‍රමාණයක් අඩු කර ගැනීම මෙහි අරමුණයි.

    මෙම ව්‍යපෘතිය හා සම්බන්ධ විදෙස් රටවල් රැසක නියෝජිතයන් සහභාගිවන ව්‍යපෘතිය සමාලෝචනයක්. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. විජයලක්ෂ්මී සහ කැනඩා මහකොමසාරිස් Shelley Whiting යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මැයි මස 09 වන දින ගෝල්ෆේස් හෝටලයේදී ආරම්භවිය.මෙම ප්‍රගති සමාලෝචනය ලබන 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya