ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නව රජයෙන් ලක්ෂ දහයේ ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා- ඇමැති ගයන්ත

    මැයි 12, 2016

    නව රජය බලයට වීමෙන් පසු සංවර්ධන යෝජනාක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවේ සෑම ග්‍රාමසේවා වසමකටම පළවැනි අදියරේ ලක්ෂ දහයක් වෙන් කළ බවත් ඒ ලක්ෂ දහයෙන් ගමේ ජනතාවගේ වැඩි කැමැත්ත ඇති යෝජනා ක්‍රමය ගැන විමසීම් සිදු කර ඒ සඳහා ප්‍රමඛ තැන දී එම යෝජනා අනුමත කළ බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    බෙන්තොට මොරගොඩ ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ දහම් පාසලේ අලුතින් ඉදිකල දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කළේය. මෙම ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 10ක් වැය කර ඉදි කර තිබේ.


    ඒ අනුව  පාරවල්, ප්‍රජාශාලා, ඇළ වේලි යනාදී ව්‍යාපෘති ක්‍රියාත්මක කළ අතර එම ව්‍යාපෘතිවලට ගමේ ජනතාවගේ ශ්‍රයදායකත්ය මත රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි විදමක් සිදු කර තිබෙන බවත් සමහර ව්‍යාපෘතිවල එවැනි පෙනුමක් නැති වුවත් ලක්ෂ දහය විස්සක පෙනුම එන විදියට වැඩකටයුතු කිරීමට අවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    “පසුගිය කාලෙ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කාරයො කරල තිබුනා. අපි විරුද්ධ පක්ෂයේ ඉන්නකොට නිතර විවේචනය කලා මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කාරයො කරන්න එපා කියල. මන්ත්‍රීවරයා ඉන්නේ මහජන සේවකයා හැටියට. ව්‍යාපාරිකයෙක් හැටියට කොන්ත්‍රාත් කරන්න නෙවෙයි මන්ත්‍රීවරු ඉන්නේ. ඒකාලෙ අපේ තිබුන චෝදනාවක් පාරක් හැදුවොත් භාගයක් එකඑක්කෙනාගෙ සාක්කුවට යනවා භාගයක් පාරට යනවා කියල. ඉතිං ඒක නැතිකරන්න ඕන අපි.  ඒ නිසා අපි බලන්න ඕන පුලුවන් තරම් හැමෝම එකතුකරගෙන වැඩි දායකත්වයක් එක්ක වැඩි වැඩප්‍රමාණයක් කරන්න ක්‍රමයකට කටයුතු කරන්න.”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ආගමික වතාවත් මෙහෙවූ දක්ෂිණ භාරතීය ප්‍රධාන සංඝනායක පිටාරඹ ශ්‍රී ධර්ම විජයාරාමාධිපති තලාවේ සංඝරතන නාහිමි විශේෂ අනුශාසනාවක් ද සිදු කළ අතර එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya