ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පලාවර්ග හා කොළ එළවළු ප්‍රවර්ධන වැඩ සටහනක්

    මැයි 17, 2016
    දිවිනැගුම ජීවනෝපාය සංවර්ධන වැඩ සටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පලාවර්ග, කොළ එළවළු, දේශීය අල භෝග ප්‍රවර්ධන වැඩ සටහනක් ආරම්භ කිරිමට සැලසුම් කර ඇත.
    රජය මගින් ක්‍රියාත්මක ධාර්මික ගොවිතැනක්- නීරෝගී ජනතාවක් වැඩ සටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.  මේ යටතේ අඩු ආදායම් ලාභී පවුල්වල එදිනෙදා ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේදී ආර්ථික වශයෙන් සහයක් සැලසෙන පරිදි සහ ඉහල පෝෂණයක් තහවුරු වන පරිදි තම ගෙවත්තෙන් නැවුම් පලා වර්ග, කොළ එලවළු  සහ දේශීය අල වර්ග කාබනික ක්‍රමයට වගා කිරිම මෙමගින් අපේක්ෂා කෙරේ. 
     
    මේ යටතේ එක් ගෙවත්තක අවම වශයෙන් පලා වර්ග/ කොළ එළවළු වර්ග 05 ක්, දේශිය අල වර්ග 05 ක්  වගා කිරිමට නියමිතය. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya