ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අම්පාරට යන රජයේ නිලධාරීන්ට මහල් නිළ නිවාස

    මැයි 16, 2016

    පිටපළාත්වලින් පැමිණ අම්පාර ප්‍රදේශයේ රාජකාරී කරන රජයේ නිළධාරීන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම සඳහා නිළ නිවාස ලෙස මහල් නිවාස ඉදිකිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවාය.

    උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගියදා  පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ ඇය මේ බව සඳහන් කළාය.

    එසේම, ප්‍රදේශයේ පාසල්වල දැනට පවත්නා ගුරු හිගයට තාවකාලික විසඳුමක් ලෙස දැනට සංවර්ධන නිලධාරීන් ලෙස කටයුතු කරන උපාධිධාරීන්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වූ අතර එහිදී ඒ සඳහා කටයුතු කරන ලෙස ඇය උපදෙස් ලබා දී තිබේ.

    සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා සහභාගී නොව නිළධාරීන් සම්බන්ධයෙන් වහාම වාර්තාවක් සකස් කර ඒ සම්බන්ධයෙන් අදාලළ අංශයන් දැනුවත් කිරීමට පියවර ගත යුතු බවත් එසේ නොපැමිණෙන රජයේ නිලධාරීන් සිදු කරනු ලබන ජනතා සේවය පිළිබඳ සිතා ගත හැකි බවත් ඇය සඳහන් කළාය.

    මේ අතර, වන අලි ගම් වැඳීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට වාර්තාවක් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට පියවර ගන්නා ලෙස සඳහන් කළ ද මෙතෙක් එම වාර්තාවන් ලබා දී නොතිබීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya