ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජල ගැලීම් හේතුවෙන් අනුරාධපුර පවුල් 500 කට පීඩා

    මැයි 17, 2016
    පවතින අධික වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතිවු ජල ගැලීම් හේතුවෙන් පවුල් 550 කට අයත් සාමාජිකයින් 1,164 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්  ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි.   ඒ අතරින් පවුල් 88 කට අයත් සාමාජිකයින් 108 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානවල රදවා සිටි. ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර සැපයීමට කටයුතු යොදා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
    ජල ගැලිම් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම පවුල් සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත්තේ රාජංගනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුලයි. එම පවල් සංඛ්‍යාව 104 කි. මීට අමතරව නොචිචියාගම, මහ විලච්චිය, තිරප්පනේ , නැගෙනහිර නුවරගම් පළාත, තලාව , ඉපලෝගම , පලාගල හා තඹුත්තේගම යන ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසවලට ද ජල ගැලීම් නිසා පීඩා එල්ල වී තිබේ. 
     
    මේ අතර රාජාංගනය ප්‍රදේශයේ  යාය 02 හා යාය 09  ඇතුළු ස්ථාන කිහිපයක  පිරිස් ජලයට කොටුවී සිටින බවත් , ඔවුන් මුදා ගැනිමේ කටයුතු පොලිස් ජීවිතාරක්ෂක සේවා හා නාවික හමුදාව යොදවා ඉතා සාර්ථකව සිදුකරන බවත් අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා සදහන් කළේ ය. 
     
    දිස්ත්‍රික්කයේ විශාල ජලාශ සියල්ලෙහිම ජල මට්ටම වැඩි වෙමින් පවතී. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 24 ක් අඩි 10 ක් දක්වා ත් , තවත් වාන් දොරටු 4ක් අඩි දෙකක් දක්වාත් විවෘත කර ඇත. අංගමුව ජලාශයේ වාන් දොරටු  02 ක් අඩි 10 දක්වා විවෘත කර තිබේ. නාච්චාදුව ජලාශයේ ද වාන් දොරටු හයක් විවෘත කර  ඇතැයි කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය නිවේදනය කරයි. 
     
    මේ අතර   උතුරු මැද පලාත් වාරිමාර්ග අධ්‍යක්ෂ එච් . එම් . ජයන්ත හේරත් මහතා පැවැසුවේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා වැව් සියල්ලම පාහේ පිරී පවතින බවයි. දැනට එම වැව් කිසිවක අවදානම් තත්ත්වයක් නොමැති බවද  අධ්‍යක්ෂවරයා සදහන් කළේ ය. 
     
    මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවැසුවේ, ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය මත අද සවස ආපදා සම්බන්ධිකරණ කමිටුව කැදවා  ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිලිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya