ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විශ්ව ළමා දින ජාතික උත්සවය කෑගල්ලේදී

    මැයි 17, 2016
    2016 වර්ෂයේ විශ්ව ළමා දින ජාතික උත්සවය මෙවර කෑගල්ලේදී පැවැත්වෙන බව ළමා හා කන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රනී සේනාරත්න මහත්මිය පවසයි. 
    ඒ මහත්මිය මෙම අදහස් දැක්වුයේ විශ්ව ළමා දින ජාතික උත්සවයේ කටයුතු පිළිබද , කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සමාරම්භක සාකච්ජාවට සහභාගී වෙමිනි.
     
    මෙම ජාතික උත්සවයට සමගාමීව විශේෂ වැඩ සටහන් රැසක් පැවැත්විමට දැනටමත් සැලසුම් කර ඇත.රටේ අනාගත ජිවනාලිය බදු ළමා පරපුර ඉහල තලයකට ඔසවා තැබීමටත් ළමා අයිතින් ළමා ආරක්ෂාව හා ළමුන්ගේ සුභ සාධනය උදෙසා විශ්ව ළමා දිනය සමරනු ලබයි.මෙම ජාතික උත්සවය අර්ථවත්ව හා ප්‍රතිලාභ ළමුන්ට ලැබෙන ලෙස සිදුකල යුතු බවද අමාත්‍යාංශ ලේකම්වරිය පැවසුවාය. 
     
    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය, ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉමෙල්ඩා සුකුමාර්, ළමා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා චන්දිමා සිගේරා යන මහත්ම මහත්මින්ද , පොලිසිය, රාජ්‍ය නිලධාරීන්  ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
     
    AP/DMU-Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya