ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,947ක් අවතැන්, ජීවිත හානි 3 ක්

    මැයි 17, 2016
     
    දින කිහිපයක් තිස්සේ පවතින අයහපත් කාලගුණ තත්වය නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,947 ක ජනතාව 7,224 ක් අවතැන්ව පිඩාවට පත්ව ඇති අතර මරණ 4 ක් සහ අතුරුදහන්වීම් 3 ක්  මේ වන විව වාර්තා  වී  ඇතැයි කෑගල්ල  දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි. 
    කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11 ටම වාර්ෂාවෙන් බලපැම් සිදුවී  ඇති අතර රුවන්වැල්ල හා දෙහිඕවිට කොට්ඨාස  වලට දැඩි බලපැමක් සිදුවී ඇති අතර ඒ ආශ්‍රිතව කදවුරු 37 ක් මේ වන විට පිහිටුවා  අවතැන් වු ජනතාව එහි රදවා ඇත. 
     
    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ උපදෙස් පරිදි අදාල ප්‍රදේශිය ලේකම්වරුන්ගේ  සහය ඇතිව අවතැන්වු  ජනතාවට අවශ්‍ය පිසු ආහාර හා අනෙකුත් සුභසාධන පහසුකම් ලබා දිමට  කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරයි. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya