ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි දින කිහිපයෙහි වර්ෂාවේ අඩුවීමක්

    මැයි 19, 2016


    ඉදිරි දින කිහිපයෙහි එනම් මැයි 21 හා 22 දින දෙකෙහි වර්ෂාවේ අඩුවීමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ එස්. ප්‍රේමලාල් මහතා අද (19) පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.


    මේ වර්ෂාව දිවයිනේ නිරිත දිග කොටසට බලපෑ හැකියි. එහෙත් මැයි 23, 24, හා 25 දිනවලදී වර්ෂාවේ යම් වැඩිවීමක් පෙන්නුම් කරනු ඇත.

    බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය නිසා මේ වන විට දිවයිනට බලපාන ලද වර්ෂාව තව දින 02කින් සුළි කුණාටු තත්ත්වයක් බවට පත්ව උතුරු දෙසට බරව ගමන් කර ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයට ඇතුළු වී ගොඩබිම දෙසට ගමන් කරනු ඇත . එය "රෝනු" ලෙස නම් කර තිබේ.

    දිවයිනට බලපාන නිරිත දිග මෝසම් වර්ෂාව ලබන 25 දින වන විට ආරම්භ විය හැකි අතර දැනට පවත්නා කාලගුණ තත්ත්වය යටතේ නිරිත දිග මෝසම් තත්ත්වය ඉබේම සක්‍රීය වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya