ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර සහනාධාර රැස් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ මධ්‍යස්ථානයක්

    මැයි 20, 2016
    මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා වලට ලක්වූ ජනතාව වෙනුවෙන් සහනාධාර රැස් කිරීම සදහා අද සිට (20) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආධාර රැස් කිරීමේ ඒකකයක් පිහිටුවීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ ස්ථාපිත කොට ඇති මෙම ඒකකය වෙත පෙ.ව. 8.00 සිට ප.ව. 9.00 දක්වා ආධාර ලබා දිය හැකිය.
    මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පවසන්නේ පිසූ ආහාර හැර අනිකුත් සැපයුම් මෙම ඒකකය මගින් භාර ගන්නා බැවින් කිරිපිටි වර්ග, ‍බෙහෙත් ද්‍රව්‍ය , වතුර බෝතල්, කොට්ට, පැදුරු  සහ වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු අලුත්  ඇදුම් පැළදුම් මෙම ඒකකයට ලබා දෙන ලෙසයි. එසේ ලැබෙන ආධාර ආපදාවලට ලක්වූ ජනතාව වෙත වගකීමෙන් යුක්තව බෙදා දීමට ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරින් යොදවන බවයි.
     
    පවතින ආපදා තත්වය සැලකිල්ලට ගෙන මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා විවෘතව තැබීමටත් කටයුතු යොදා ඇති බව පැවසූ හිටිසේකර මහතා ආපදා තත්වයන් පිළිබද දැනුම් දීම් හෝ විස්තර ලබා ගැනීම සදහා 081-2202697 යන දුරකතන අංකය අමතන ලෙසද දැනුම් දි සිටියි. 
     
    මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකද ආපදා සහන නිලධරීන්, සමාජ සේවා නිලධාරින් සහ ග්‍රාම සංවර්ධන නිලාධාරීන් ඇතුළු විශේෂ ඒකකයක් යොදවා ප්‍රාදේශයේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමට කටයුතු යොදන ලෙසද අද මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී දැනුම් දෙන ලදී.
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya