ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික්කයේ 500 ට ආසන්න පිරිසක් ආපදාවට

    මැයි 20, 2016
    මාතර දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවක (15)  පුද්ගලයින් 500 කට ආසන්න පිරිසක් මේ වන විට අවතැන් වී තිබේ. පවුල් 129 ක පුද්ගලයින් මේ අතර වේ.
    මාතර, හක්මණ, පිටබැද්දර, පස්ගොඩ, දික්වැල්ල, මුලටියන, මාලිම්බඩ, දෙවිනුවර, අකුරැස්ස, කොටපොල, කිරින්ද - පුහුල්වැල්ල, කඹුරුපිටිය, වැලිගම, අතුරලිය හා වැලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම ආපදා තත්ත්වයන් බලපා ඇත.
     
    වැලිගම කොට්ඨාසයේ කඹුරුගමුව  වැව අසලදී ගසක අත්තක් කඩා වැටීමෙන් තුවාල වී රෝහල් ගත කිරීමෙන් පසුව පුද්ගලයෙකු මරණයට පත් වීම සිදුවී ඇති එකම මරණයයි.
     
    පූර්ණ නිවාස හානි 18 ක්, අර්ධ නිවාස හානි 110 ක් හා වෙනත් දේපළ හානි 01 ක් මේ වන විට වාර්තා වේ. විපතට පත් වූවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරේ. 
     
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya