ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා ගොවි ජනතාවට පීඩා

    මැයි 25, 2016
    මාතර සිට හම්බන්තොට දක්වා ඉදිවන දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා ගොවි ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්වන බව ගොවි සංවිධාන නියෝජිතයන් විසින් පසුගියදා පැවති හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පෙන්වා දුන්හ.
    මේ හේතුවෙන් තම කුඹුරු හා ගොඩ වගා කටයුතු නියමිත කාලයේදී සිදු කිරීමට නොහැකි වන බව හා ඉන් තම ආර්ථිකයට බලපෑමක් වන බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙන ලදී.
     
    එම කරුණු සැළකිල්ලට ගනිමින් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වන තෙක් එම ව්‍යාපෘතියේ වගකිව යුතු නිළධාරියෙක් සෑම මසකම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව සඳහා සහභාගී විය යුතු බවට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා නිලධාරීන්ට දන්වා සිටියේය.
     
    එසේම දැනට වගා කටයුතු සිදු කළ බිම් හරහා ඉදිකිරීම් සිදුවනවා නම් හානි වූ වගාවන් සදහා ගෙවීම් සිදු කිරීමටද ඔහු උපදෙස් දෙන ලදී.
     
    AP/DMU-Hambanthota
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya