ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කළුතර පස් හා මැටි කොන්දේසි කඩකළහොත් බලපත්‍ර අහෝසියි‍

    මැයි 25, 2016

    කොන්දේසි කඩකරමින් පස් හා මැටි කර්මාන්තයේ යෙදෙන්නන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට කළුතර දිස්ත්‍රික් පරිසර කමිටුව තීරණය කර තිබෙන බව එම දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මැටි හා පස් කැපීම සහ ප්‍රවාහනය සිදු කළ හැක්කේ සතියේ දිනවල පෙ.ව8.00 සිට ප.ව 5.00 දක්වා පමණක් වන නමුත් මෙම කොන්දේසි ක්‍රියාත්මක වීමේදී බරපතල ලෙස එම කොන්දේසි කඩවන බවට දිස්ත්‍රික් පරිසර කමිටුවට පැමිණිලි ලැබී ඇත.

     

    මෙසේ බලපත්‍ර අහෝසි කිරීමට පෙර සියලුම බලපත්‍රලාභීන් කැඳවා ඔවුන් දැනුවත් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී තීරණය විය.

     

    ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ,ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යන ආයතනෙවල නිලධාරීන්ගේ සහ අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම දැනුවත් කිරීම සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya