ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පාසල් ළමුන්ට නායකත්ව පුහුණු වැඩ මුළුවක්-කෑගල්ලේදී

    ජූනි 01, 2016
    කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ 6 වසර සිට 9 වසර දක්වා ශිෂ්‍ය නායකයින්ගේ සහ පන්ති නායකයින්ගේ නායකත්ව පුහුණු වැඩ සටහනක් පසුගියදා කෑගල්ල  යොවුන් සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි. 
    මෙහිදි නායකයකු සතු කුසලතාවයන් හා හැකියාවන්  මොනවාද යන්න පිළිබදව ලුතිනන් කර්නල් එල් . ඒ. පි. විකුමරත්න  මහතා විසින් ළමුන් දැනුවත් කරන ලදි.  නායකයකු වශයෙන් ඕනෑම අවස්ථාවකට මුහුණ දිමේ හැකියාව සහ කණ්ඩායම් හැගිමෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න  ක්‍රියාකාරකම් යොදා  ගනිමින්  ළමුන් දැනුවත් කිරිම විද්‍යාලයේ ශිෂ්‍යබට අංශයේ ආචාර්ය  ලුතිනන් කේ. ඒ. ඩබ්ලිව්. පුෂ්පලාල් දේශප්‍රිය මහතා විසින් සිදු කරන ලදි.  
     
    වර්තමානයේ කලබලකාරී පරිසරයෙන්  අත් මිදි  පරිසරය රස විදින්නේ කෙසේද යන්න පිළිබදව නෙරංජන් උදුගොඩ  මහතා විසින් ළමුන් දැනුවත් කරන ලදි. රාත්‍රි භෝජන සංග්‍රහයකදී භෝජනාගාර පිළිවෙත් අනුගමනය කරන්නේ කෙසේද යන්න පිළිබදව ලුතිනන් කර්නල් ජී. ආර් . ගාමිණි චන්ද්‍රෙස්න මහතා විසින්  ළමුන් දැනුවත් කිරිමක්ද සිදු කෙරිණි.
     
    විද්‍යාලයේ ශිෂ්‍යබට අංශයේ ආවාර්ය  පුෂ්පලාල් දේශප්‍රිය මහතාගේ මෙහෙයවිමෙන්  රාත්‍රි ගිනිමැල සංදර්ශනයකින් මෙම පුහුණු වැඩ මුළුව  විචිත්‍රවත්විය. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya